විශ්වවිද්‍යාල සිසුන්ට නව නේවාසිකාගාර 55ක්

දිවයින පුරා පිහිටි රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිසුන් 16,000ක් සඳහා නව නේවාසිකාගාර ව්‍යාපෘති 55 ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ මෙම ව්‍යාපෘති අදියර 3 ක් යටතේ ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව, දිවයින පුරා විසිරී ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගනිමින් නව නේවාසිකාගාර ව්‍යාපෘති 55 ක් ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ වන විට එක් එක් විශ්වවිද්‍යාලයන්හි ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කරමින් ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.