ලෙබනන දේශ සීමාවේ ද ගැටුම් උග්‍ර වී ඇති බවයි වාර්තා වන්නේ.
දකුණු ලෙබනනයේදී ඉරාන හිතවාදී හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල සන්නද්ධ රථ පෙළකට දැවැන්ත ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ, උතුරු දේශ සීමාවේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඩොලර් බිලියන විස්සක ආයෝජනයක් සිදුකරන බවයි.
මෙම දරුණු යුද වාතාවරණය නිමා කිරීම සඳහා ඊශ්‍රායල සහ ලෙබනන නියෝජිත කණ්ඩායම් වොෂින්ටන් නුවරදී සෘජු සාකච්ඡාවල නිරත වෙමින් සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
