අභියාචනාධිකරණයට අලුත් මුහුණු

අභියාචනාධිකරණයේ නව සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු අද දිවුරුම් දුන්නා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ.

දිවුරුම් දීම සිදු වුණේ, ජනාධිපති කාර්යාලයේ දී.

ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලීන් රොහාන්ත අබේසූරිය මහතා අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස අද දිවුරුම් දුන්නා.

ඊට අමතරව මහාධිකරණ විනිසුරුවරුන් වන දොන් ෆැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ ආදිත්‍ය කාන්ත මද්දුම පටබැදිගේ යන මහත්වරුන් අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් ලෙසයි, දිවුරුම් දුන්නේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එම අවස්ථාවට එක්ව සිටියා.