ෆෝර්මියුලා ත්‍රී මෝටර් රථ ධාවන තරගයක ජයග්‍රහණයක් වාර්තා කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට යෙවාන් ඩේවිඩ් සමත් වුණා.
ඒ, තරගාවලියේ බ්‍රිතාන්‍ය සිල්වර්ස්ටෝන් අදියරේ දෙවැනි ස්ථානයට පත්වෙමින්.
2026 ෆෝර්මියුලා ත්‍රී මෝටර් රථ ධාවන තරගාවලියේ සිල්වර්ස්ටෝන් අදියර වට 18කින් සමන්විත වුණා.
මෙම තරගය නිම කිරීම සඳහා යෙවාන් ඩේවිඩ් ගත කළ කාලය මිනිත්තු 33යි, තත්පර 8ක්.
ඒ අනුව ඔහු එහි දෙවැනි ස්ථානය හිමිකරගත්තා. එම අදියරේ ප්‍රථම ස්ථානයට තරගය නිමා කළේ, අමෙරිකානු ධාවකයෙකු විසින්.
ඒ මිනිත්තු 32යි තත්පර 51ක කාලයක් වාර්තා කරමින්.
ෆෝර්මියුලා ත්‍රී තරගාවලියේ මීළග අදියර ලබන 17 වැනිදා බෙල්ජියමේදී පැවැත්වීමට නියමිතයි.
