තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුරු

යතුරුපැදි අනතුරකින් දෙකකින් පැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (10) දින සවස අක්මීමණ පොලිස් වසමේ ගාල්ල උඩුගම මාර්ගයේ ගල්ගොඩදෙණිය හන්දිය ආසන්නයේදී ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පලක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් තිබෙනවා.

මරණකරු අවුරුදු 27 ක් වූ උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දඹුල්ල පොලිස් වසමේ වැලිහේන බුලාගල අතුරු මාර්ගයේ වැලිහේන ප්‍රදේශයේදී ඊයේ (10) දින රාත්‍රී බුලාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු දඹුල්ල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.

මරණකරු අවුරුදු 18 ක් වූ දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම අනතුරු සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.