මහනුවර ඇසළ පෙරහර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැරෙහි ප්‍රථම කුඹල් පෙරහර සඳහා පොලිසිය විසින් විශේෂ වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා.

ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය හෙට (18) වන දින ආරම්භ කර 2026.08.28 වන දින දක්වා වීථි සංචාරය කරනු ලබයි.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒ සඳහා මාර්ග බාධක, ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරික්ෂා කිරීම, සංචාරකයින්ට මග පෙන්වීම සහ රථවාහන හැරවීම් ඇතුළු විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇත.

පෙරහර කාලසීමාව තුළ ක්‍රියාත්මක රථවාහන සැලැස්ම හා විකල්ප රථවාහන සැලැස්ම පහතින්,