තායිලන්ත විවෘත මලල ක්රීඩා තරගාවලියේ දී මීටර 5,000 පිරිමි ධාවනය ඉසව්වේ රන් පදක්කම හිමිකර ගැනීමට ශ්රී ලංකාවේ වික්නරාජ් වොක්ෂන් සමත්වුණා.
ශ්රී ලංකාව මෙම තරගාවලියේ දී හිමිකර ගත් සිව් වැනි රන් පදක්කම මෙයයි.
වික්නරාජ් වොක්ෂන් මීටර 5,000 ධාවන ඉසව්ව අවසන් කළේ, මිනිත්තු 14 යි තත්පර 4. 56 ක කාලයක් වාර්තා කරමින්.
මීට පෙර ඔහු මීටර 1,500 ඉසව්වෙන් ද ශ්රී ලංකාවට රිදි පදක්කමක් හිමි කර දුන්නා.
තායිලන්ත විවෘත මලල ක්රීඩා තරගාවලියේ දී මීටර 1,500 පිරිමි ධාවනය ඉසව්ව, කාන්තා දුර පැනීම, කාන්තා තුන් පිම්ම සහ මීටර 5,000 පිරිමි යන ධාවන ඉසව්වලින් ශ්රී ලංකාව රන් පදක්කම් හිමිකර ගෙන තිබෙනවා.
