සිය භූතාන නිල සංචාරය අතරතුර, අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය, භූතාන අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් 2026 සැප්තැම්බර් 04 වැනිදා සංවිධානය කරන ලදභූතාන නවෝත්පාදන විද්‍යාගාරය (Bhutan Innovation Lab – BIL) පිළිබඳ වැඩසටහනකට සහභාගී වූවාය.
භූතාන නවෝත්පාදන විද්‍යාගාරය (BIL) යනු භූතානයේ ජාතික නවෝත්පාදන වැඩසටහනක් වන අතර, එය භූතාන අග්‍රාමාත්‍ය කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව ස්ථාපිත කර ඇත.
භූතාන අග්‍රාමාත්‍යවරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ අරමුණ වන්නේ නවෝත්පාදන, ව්‍යවසායකත්වය සහ තාක්ෂණය උපයෝගී කර ගනිමින් රාජ්‍ය පාලනය පරිවර්තනය කිරීම සහ ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමයි. රාජ්‍ය ප්‍රතිපත්ති සහ ව්‍යවසායකයන්, නවෝත්පාදකයන් ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන් එක් කරන වැඩසටහනක් ලෙස ක්‍රියා කරන මෙම විද්‍යාගාරය, නව අදහස් සංකල්ප මට්ටමේ සිට ප්‍රායෝගික මට්ටමින් සංවර්ධනය කිරීමට පහසුකම් සලසයි.
භූතාන අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රමුඛතාවක් දක්වා ඇති ක්ෂේත්‍ර සඳහා ප්‍රායෝගික හා නවෝත්පාදන මට්ටමින් විසඳුම් සෙවීම සඳහා භූතාන නවෝත්පාදන විද්‍යාගාරය ලබාදෙන දායකත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි. එමෙන්ම, භූතානයේ ආර්ථික මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීම, ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ද එහි ඇති කාර්යභාරය පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරිණි. නවෝත්පාදන සහ ඩිජිටල් විසඳුම් ඔස්සේ රාජ්‍ය සේවා සැපයීම කාර්යක්ෂම කිරීම මෙන්ම රාජ්‍ය ආයතන, ව්‍යවසායකයන්, නවෝත්පාදකයන්, ව්‍යාපාරික ප්‍රජාව සහ සංවර්ධන හවුල්කරුවන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම ද මෙම භූතාන නවෝත්පාදන විද්‍යාගාරයේ අරමුණු අතර වේ.
භූතාන නවෝත්පාදන විද්‍යාගාරය (BIL) මඟින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ක්‍රියාවට නැංවීමේදී භූතානය මුහුණ දෙන ප්‍රධාන අභියෝග සහ එහි පවතින අවස්ථා පිළිබඳව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිසගේ අවධානය යොමු විය. නවෝත්පාදන යාන්ත්‍රණ ඔස්සේ ආර්ථික පරිවර්තනය, රාජ්‍ය අංශයේ නවෝත්පාදනය සහ තරුණ ව්‍යවසායකයන් හා නවෝත්පාදකයන් සඳහා නව අවස්ථා නිර්මාණය කිරීම සඳහා දායක විය හැකි ආකාරය පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කර ගත්හ.
