උතුරු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළට ඔබ්බෙන් පැවති ගැඹුරු පීඩන අවපාතය, සෙමින් බස්නාහිර-වයඹ දෙසට ගමන් කර ඊයේ (23) කාලිංගපට්නම් (Kalingapatnam) හි නිරිතදිගට ආසන්නයෙන් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වී ඇත.
අනතුරුව බස්නාහිර-වයඹ දෙසට ගමන් කර, අද (24) 0000 UTC (පෙ.ව. 05.30) වන විට උතුරු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළබඩ ප්‍රදේශය ආශ්‍රිතව, එනම් උතුරු අක්ෂාංශ 18.3° සහ නැගෙනහිර දේශාංශ 83.7° ආසන්නයේ (කන්කසන්තුරේ සිට කිලෝමීටර් 1100ක් පමණ ඊසාන දෙසින්) කේන්ද්‍රගතව පවතී.
පහත සිතියමේ “Warning” කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල, ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.
පහත සිතියමේ “Advisory” කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (55-65) දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.
උතුරු අක්ෂාංශ 10°N ත් 22°N ත් සහ නැගෙනහිර දේශාංශ 82°E ත් 90°E ත් අතර මුහුදු ප්‍රදේශවල, නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
මේ වනවිට එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.