බිනර පුර පසළොස්වක පොහොය අදයි. මෙය සැලකෙන්නේ භික්ෂුණි ශාසනය ආරම්භ කිරීම ඇතුළු වැදගත් සිදුවීම් රැසකට මුල් වූ පෙහොය දිනයක් ලෙසයි.
ඒ නිමිත්තෙන්, දිවයිනේ සෑම විහාරස්ථානයකම පාහේ අද දවස පුරා විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.
මහා ප්රජාපති ගෝතමිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු අෂ්ඨ ගරු ධර්ම පිළිගැනීමෙන් අනතුරුව භික්ෂුණි ශාසනය පිහිටුවීමට බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළේ, අද වැනි දිනකයි.
භික්ෂු, භික්ෂුණින් වහන්සේට අප්රමාද වීමේ අගය පෙන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ “වර්ණ” සුත්රය දේශනා කළේ ද, අද වැනි පොහෝ දිනක බව, ශාසන ඉතිහාසයේ සඳහන්.
