නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණි සඳහා නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදන ඉදිරි පැය 24 සහ 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව 2026 සැප්තැම්බර් 26 වනදා පෙ.ව. 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් දීර්ඝ කර ඇති අතර, අදාළ ප්‍රදේශ සදහා ‘ඇම්බර්’ වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මේ හේතුවෙන් එම ගංගා ද්‍රෝණි ආශ්රිත පහත්බිම්වල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශය හරහා වැටී ඇති මාර්ගවල (විශේෂයෙන් අතුරු මාර්ගවල) ගමන් ගන්නා වාහන පදවන්නන්ගෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි ආපදා කළමනාකරණ අංශවලින් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
