කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට තිරසාර විසඳුමක් ලබා දෙමින්, මෙට්‍රෝ බස් සේවාව (Metro Bus Service) අද (29) සිට කොළඹ නගරය පුරා තවත් ප්‍රධාන මාර්ග කිහිපයකට ව්‍යාප්ත කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ වරාය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන යටතේ බස් රථ 121ක් සේවයට එක්කරන බවයි, බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ.
පෞද්ගලික වාහන භාවිතය අවම කර පොදු ප්‍රවාහන සේවා භාවිතයට ජනතාව වැඩි වශයෙන් යොමු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
මෙට්‍රෝ බස් සේවාව හරහා නියමිත වේලාවට ධාවනය වන, සෑම ස්ථානයකම නතර නොවන සහ නීතිගරුක රියදුරන් හා කොන්දොස්තරවරුන් සහිත විධිමත් බස් සේවාවක් ලබාදීමට කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා පවසනවා.
