මඩු පොලිස් වසමේ මන්නාරම මඩු පල්ලි මාර්ගයේ 06 කණුව ප්රදේශයේදී ඊයේ (18) දින උදෑසන කාර් රථයක් ගසක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරක් සිදුව ඇත්තේ මඩු පල්ලිය දෙසට ධාවනය වූ කාර් රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්.
අනතුරින් කාර් රථයේ රියැදුරු, එහි ගමන් ගත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් තුවාල ලබා පන්ඩිවිරිච්චාන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇත.
තුවාලකරුවන් වැඩිදුර ප්රතිකාර සඳහා මන්නාරම සහ යාපනය රෝහල්වලට මාරුකර යවා ඇත.
මරණකාරිය අවුරුදු 55 ක් වූ දංකොටුව ප්රදේශයේ පදිංචිකාරියකි.
මඩු පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
