ශ්රී ලාංකික විලාසිතා නිරූපිකා එලිනා ගුණවර්ධන, පසුගිය (18) වනදා ලොස් ඇන්ජලීස් නුවර පැවති ලොව ප්රකට Victoria’s Secret Fashion Show විලාසිතා දැක්මේදී නිරූපණ කටයුතුවල නිරත වූ පළමු ශ්රී ලාංකික නිරූපිකාව බවට පත්වෙමින් ඉතිහාසගත වූවාය.
ජාත්යන්තර අවධානය දිනාගත් මෙම විලාසිතා දැක්ම සඳහා ලොව ප්රමුඛ පෙළේ සුපිරි නිරූපිකාවන් රැසක් එක්ව සිටියහ.
‘Elina G’ යන වෘත්තීය නාමයෙන් ප්රසිද්ධ එලිනා ගුණවර්ධන, ජාත්යන්තර විලාසිතා වේදිකාවක ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙවැනි සුවිශේෂී ජයග්රහණයක් අත්කර ගැනීම මෙරට විලාසිතා ක්ෂේත්රයට ද වැදගත් සන්ධිස්ථානයකි.
