
”ලෝක ජල ශාස්ත්‍රීය දිනය” සැමරීමේ උත්සවයක්, වැලිසර දී ඊයේ පැවැත්වුණා. ඒ, නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අනුර ජයසේකර සහ නාවික හමුදා වයිස් අද්මිරාල් කාංචන බානගොඩගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ජල ශාස්ත්‍රීය කාර්යාලයීය ගෝලීය ප්‍රජාව එය සංවිධාන කළා.