දෙපිරිසක් අතර ගැටුමකින් එකම පවුලේ 2ක් මරුට

බද්දේගම මද්දෙවිල ප්‍රදේශයේදි දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් තුවාල ලැබු සහෝදරයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

ඊයේ රාත්‍රි දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇත්තේ අවමංගල්‍ය උත්සවයක් අතරතුරයි.

එහිදි සිදුවු පහරදීමකින් මැද්දේවිල, ඇත්කඳුර ප්‍රදේශයේ සහෝදරයින් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුවාල ලැබු දෙදෙනාද එම ප්‍රදේශයේම පදිංචිකරුවන්. බද්දේගම පොලිසිය මඟින් සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *