(27) ගම්පහට වතුර නෑ

ප්‍රදේශ කිහිපයක හදිසි ජල කප්පාදුවක් සම්බන්ධව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි බල මණ්ඩලය සතු පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

එළැඹෙන 27 වැනි බ්‍රහස්පතිදා දිනයේදී පෙරවරු 08.30 සිට පස්වරු 05.00 දක්වා පැය 8 1/2ක කාලයක් ජලය සැපයීම අත්හිටුවනු ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.

ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ‍, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයන් සඳහා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *