“බෝ මළුවේ ගී සුවඳ” ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී

සම්මානනීයත්වයට පාත්‍ර වූ අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ විසින් රචනා කර දායාද කරන ලද ගීත සුගායනමය වැඩසටහනක් (24) රාත්‍රියේ ශ්‍රී මහා බෝධි පෙත්මඟ අසල වැලි මළුවේදී පවත්වනු ලැබීය.

“බෝ මළුවේ ගී සුවඳ” නමින් පැවැත්වුණු මෙම ගී සරණිය සඳහා ගායනයෙන් එක්වූයේ විශාරද අමරසිරි පීරිස් මහතා සහ එතුමන්ගේ දියණිය ඇතුළු සංගීත කණ්ඩායමයි.

ගරුතර මහා සංඝරත්නය මෙන්ම විශාල පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියහ.