මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දිවුරුම් දෙයි

මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයට පත් එස්. එම් නලීම් මහතා අද පාර්ලිමේන්තුවේදී කථානායක අශෝක රංවල මහතා ඉදිරියේ (03) දිවුරුම් දුන්නා.

පසුගිය මහමැතිවරණට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඡන්ද 87,038ක් ලබා ගනිමින් ආසන 2ක් හිමි කරගත්තා.

ඒ අනූව, එම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර එම මන්ත්‍රී ධුරය සඳහා ඒ මහතා නම් කිරීමට එම පක්ෂය තීරණය කර තිබුණා.

ඔහු මින් පෙර එරාවුර් නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙසද කටයුතු කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *