විශ්‍රාමික ගුරුවරියකට මරු කැඳවූ අනතුර

පොකුණුවිට බන්ඩාරගම මාර්ගයේ නවතා තිබු කැබ් රථයක දොර විවෘත කිරීමේදි, ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් ගැටී අනතුරට ලක්වුණා.

අනතුරින් එහි ගමන්ගත් කාන්තාවක මියගොස් තිබෙනවා.

ඇගේ ස්වාමිපුරුෂයා තුවාල ලබා හොරණ මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි බණ්ඩාරගම පොලිසිය පැවසුවේ.

අනතුරින් මියගොස් ඇත්තේ පොකුණුවිට පදිංචි විශ්‍රාමික ගුරුවරියක්. ආබාධිත හමුදා සෙබලෙකු කැබ් රථය පදවා ඇති බවයි වාර්තා වන්නේ.

#SLRC #RupavahiniNews #Rupavahini