ඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රි සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 289ක්.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 305ක් ලෙස සඳහන් වනවා.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා සුපර් ඩීසල් මිල නොවෙනස්ව පවතිනු ඇති බවටයි සඳහන් වන්නේ.