යුරෝපයේ රටවල් රැසකට උණුසුම් කාළගුණය නිසා දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ප්‍රංශය පුරා වාර්තාගත උණුසුම් කාලගුණික අනතුරු ඇඟවීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.
මීට අමතරව දකුණු හා නැගෙනහිර යුරෝපයේ අනෙකුත් ප්‍රදේශ වලටද මෙහි බලපෑම් එල්ල වී තිබෙනවා.
ස්පාඤ්ඤය, පෘතුගාලය, ඉතාලිය, ජර්මනිය, එක්සත් රාජධානිය සහ ක්‍රොඒෂියාව ඇතුළු බෝල්කන් රටවල සමහර ප්‍රදේශ සඳහා ද තාප අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
ස්පාඤ්ඤය සහ පෘතුගාලය යන රටවල් දෙකම සති අන්තයේ වාර්තාගත උණුසුමක් වාර්තා වුනා.
බොහෝ රටවල හදිසි වෛද්‍ය සේවා සූදානම්ව ඇති අතර හැකි තරම් ගෘහස්ථව රැඳී සිටින ලෙස ජනතාවට අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ප්‍රංශයේ රතු අනතුරු ඇඟවීම අද එරට වේලාවෙන් 12:00 ට ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
ඉරිදා දකුණු කෝබියර්ස් කඳු වැටියේ ලැව් ගිනි කිහිපයක් ද වාර්තා වී තිබෙනවා.
ඉතාලි හදිසි වෛද්‍ය සංගමය පැවසුවේ රට පුරා රෝහල් හදිසි සේවා දෙපාර්තමේන්තු තාප ආඝාත රෝගීන්ගේ 10% ක වැඩිවීමක් වාර්තා කර ඇති බවයි.
ජර්මනියේ අද සහ හෙට දිනවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 කට ආසන්න විය හැකි බවට එරට කාලගුණ විද්‍යා සේවය අනතුරු අඟවා තිබෙනවා.
