
බෝට්ටු ආධාරයෙන් ඉන්දියාවේ සිට මෙරටට රැගෙන විත් නිවස පසුපස සූක්ෂම අයුරින් සඟවා තිබියදී කිලෝ 80 ක් පමණ කෙරළ ගංජා සමඟ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට
ධර්ම පුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුව එම පොලිස් වසමේ කොළන්දපිලව් ප්රදේශයේ නිවසක කල වැටලීමකදී මෙම කේරලා ගංජා තොගය සහ සැකකාරිණි අත්අඩංගුවට ගෙන තිබේ
ධර්ම පුරමි පොලිස්වසමේ කොළොන්දපිලව් ප්රදේශයේ නිවසක් පසුපස ගෙවත්තේ වල දමා තිබූ කේරලාගංජා පාර්සල් 39ක් ධර්ම පුරම් පොලිස් නිලධාරින් විසින් සොයාගෙන තිබේන අතර මෙලෙස සොයාගත් කේරලා ගංජා පාර්සල් 39 හි බර 79kg ග්රෑම්ස් 245ක් බව ධර්මපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක D.m.n.s.දිසානායක මහතා අප කළ විමසීමකදී පැවසීය.
මෙලෙස පසුගිය (30) සවස් කාලයේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළන්දපිලව් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු පනහක් පමණ වන කාන්තාවක් වන අතර අත්අඩංගුවකට පත් සැකකාරිය හා කේරල ගංජා තොගය අද දින (01) මුලු මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවූ නියෝග ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිත බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.