ලෝක බල දේශ­පා­ල­නය සහ අපි

යුද්ධය යන වච­නය ශ්‍රී ලාංකික අප­හට එත­රම් නුහුරු වච­න­යක් නොවෙයි.ඇසූ පම­ණින් මතක් වන්නේ මීනි­මරු ප්‍රභා­ක­ර­න්වය. යුද්ධය යන අකුරු හතර තුළ තිබෙන කෲර­ත්වය කොත­රම්ද යන්න ඔබ­හට අමු­තු­වෙන් කියා දිය යුතු වන්නේ නැත. එහි තේරුම වච­න­යෙන් නොව ක්‍රියා­වෙන්ද හොඳා­කා­ර­යෙන් දන්නා නිසා වැඩි අටුකා ටීකා අවශ්‍ය වන්නේද නැත. එමෙන්ම ඒ තිස් අවු­රුදු යුද්ධය තුළ ප්‍රභා­ක­රන් යුද්ධ කළේ ලෝක දේශ­පා­ලන සහය මත බවත් අප සැවොම දැනු­ම්ව­ත්‍ ය. එම ලෝක දේශ­පා­ල­නය තුළ එකි­නෙ­කාගේ වුව­මනා එපා­කම් පිරි­මසා ගැනීමේ ක්‍රියා­වන්හි ප්‍රති­ඵල අප­හට මේ දින­ය­න්ව­ලදී දැක­ගැ­නී­මට හැකිව තිබේ. නමුත් මෙහි අතුරු ප්‍රති­ඵ­ල­ව­ලින් බල­පෑම් එල්ල වන පාර්ශ්ව අතර බල­වත් නොවන රට­ව­ලට එල්ල වන පීඩ­නය ඉතා බැරෑ­රු­ම්‍ ය. ලංකා­ව­ටද එයින් ගැල­විය නොහැක.

ඊශ්‍රා­යල ඉරාන බල ගැටුම මුල් අව­ස්ථා­වේදී දිග්ගැ­සෙන ස්වභා­ව­යක් තිබුණ ද ගැටුම තවත් තීව්‍ර වූයේ අමෙ­රි­කාව මෙයට මැදි­හත් වීමෙන් පසුය. අවා­ස­නා­වට හෝ වාස­නා­වට එය දැන් සිදු වී හමා­රය. නමුත් මේ වන­විට සටන් විරා­ම­ය­කට යොමු වී තිබෙන දෙපා­ර්ශ්ව­යම සාම­කා­මීව සිටින අතර ඉරාන වැසියෝ යුද්ධය අව­සන් වූ සතුට සම­රති. නමුත් අමෙ­රි­කාව ඉරා­න­යට බෝම්බ හෙළා සිදු කර­ගත් එම වරද ලෝක ප්‍රජා­ව­ගේම ඉදි­රිය අව­දා­න­ම­කට ලක්වී­ම­ක්‍ ­ලෙස අර්ථ­ක­ථ­නය කළ හැක. එසේම අමෙ­රි­කාව කෙරෙහි ඉරා­න­යට තිබෙන රාජ්‍ය­තා­න්ත්‍රික සහ­යෝ­ගී­තා­ව­යද ඉන් පළුදු විය. මා දන්නා එකම දෙය නම් මැද­පෙ­ර­දිග තුළ සියලු දෙයින් බල­ස­ම්පන්න ඉරා­නය වැනි රට­කට එල්ල කළ ඒ ප්‍රහා­රය මුළු මහත් ලෝක ආර්ථි­කය කෙරෙ­හිම බල­පෑම් කරනු ඇත. අමෙ­රි­කාව යනු යුද­මය, දේශ­පා­ල­නය සහ ආර්ථි­කය යන කුලුනු තුන තුළින් තම බලය ලොව පුරාම බෙදා­හැ­රීම කෑද­ර­කම් දක්වන රාජ්‍ය­යකි. ඔවුන් ඒ දෙය එදත් අදත් හෙටත් සිදු කරනු ඇත. නමුත් මෙයින් සිදු වන අති­ශය බර­ප­තළ සිදු වීම වන්නේ මෙම බල අර­ග­ලය තුළින් අනෙ­කුත් රට­ව­ලට සිදු­වන බල­පෑ­මයි. ලෝක ආර්ථි­කය අස­ම­තු­ලිත වීමේ පටන් සිදු­වන සෑම සියලු දේම එම කුඩා රට­වල් කෙරෙහි බර­ප­තළ ලෙස බල­පෑම් කරයි. ක්‍රම­යෙන් වැටි වැටී නැගි­ටින ආර්ථි­ක­යක් සහිත අප වැනි රාජ්‍ය­ය­කට මෙවැනි අති­වි­ශාල බාහිර බල­පෑ­ම­කට මුහුණ දීමට නොහැක. ගණන් කර ගැනී­ම­ට­වත් අප­හසු ඩොලර් සහ රුපි­යල් ණය කන්දක සිරවී සිටින අප­හට එම ණය ගෙවා ගැනී­ම­ට­වත් හරි­හ­මන් මුදල් නොමැති අව­ස්ථා­වක මෙවැනි රාජ්‍ය මට්ටමේ ගැටුම් තුළින් වක්‍රා­කා­රව එල්ල වන සිද්ධීන් සමඟ ගැටීම ඉතා අප­හ­සුය. මෙය ඉරාන ඊශ්‍රා­යල රට­වල් දෙකට පම­ණක් සීමා කළ නොහැක. මෙම බල ගැටුම් අතී­තයේ සිටම පැවත එන්නකි. ඉරාක අමෙ­රිකා, චීන අමෙ­රිකා වෙළඳ සටන්, ඉන්දියා පාකි­ස්ථාන් ඒවාට උදා­හ­රණ කීප­යකි. මෙවැනි ගැටුම් තව­දු­ර­ටත් වර්ධ­නය වුව­හොත් අප වැනි බල­වත් නොවන යැපුම් ආර්ථි­ක­යක් හිමි රට­ව­ලට විදේශ විනි­මය අවම වීම, විදේශ ආයෝ­ජන අවම වීම, ආර්ථික හා සාමා­ජීය අර්බු­ද­යන්ට අත වැනීම, ලෝකයේ එක් එක් කලා­ප­ව­ලට යොමු කරන අප­න­යන ක්‍රම­යෙන් අවම වීම වැනි ප්‍රති­වි­පාක රාශි­ය­කට මුහුණ දීමට සිදු වේ. මේ කිහි­ප­යක් පමණි. මීට වඩා සැබෑ තත්වය දරුණු විය හැක. තත්වය එසේ වුව­හොත් මෙකී ප්‍රති­වි­පාක අප­ටත් ඒ ආකා­ර­යෙන්ම භුක්ති විඳී­මට සිදු­වීම වැළැ­ක්විය නොහැ­කිය. ශ්‍රී ලංකාව යනු මෙම බල අර­ගල තුළින් යහ­මින් තැළී­මට ඉඩ­කඩ තිබෙන රාජ්‍ය­යකි. එහෙ­යින් රාජ්‍ය යන්ත්‍ර­ණය කෙරෙහි දැඩි අව­ධා­න­යෙන් යුතුව කට­යුතු කිරීම ඉතා වැද­ගත් ය. එය ආණ්ඩුව සතු වග­කී­මකි. කවර මොහො­තක, කවර ආකා­රයේ සිද්ධී­න්ව­ලට මුහුණ දෙන්න වේවිද කියා අපට නිග­ම­න­ව­ලට ඒමට අප­හ­සුය.

අමෙ­රි­කානු දේශ­පා­ලන ප්‍රවා­හය මතින් තැළී පොඩි වී ගිය රට­වල් බොහෝ­මය. රාජ්‍ය නාය­ක­යෝද බොහෝය. ඔවුන්ගේ දේශ­පා­ලන ප්‍රවා­හය පරයා නැගෙන සියලු දේම බිම දමා පාගා පොළො­ව­ටම තල්ලු කිරී­මට අමෙ­රි­කාව දෙව­රක් සිතන්නේ නැත. අමෙ­රි­කානු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය අනෙක් රට­ව­ල්ව­ලට මැදි­හත් වුව­හොත් සිදු­වන්නේ කුමක්ද? යන්න සිරි­යාව, යේම­නය, ලිබි­යාව, ඉරා­කය මනා­වට සාක්ෂි සප­යනු ඇත. මේවා ගැන අපිට මොක­ටද, අපිට වැඩක් නෑ යන්න කෙනෙක් පැව­සු­ව­හොත් එයට දීමට තිබෙන හොඳම පිළි­තුර වන්නේ අපත් මේ ලෝක දේශ­පා­ල­නයේ එක් කොට­සක් බවයි. මෙම බල සෙල්ල­ම්වල අව­සා­න­යක් තවම පෙනෙන තෙක් මාන­යක නොමැති අතර යම්වි­ටක මෙවැනි ගැටුම් සාමා­න්‍ය­යී­ක­ර­ණය වීමේ සම්භා­වි­තා­වක්ද තිබේ. කෙසේ වුවත් පණි­වි­ඩය පැහැ­දි­ලිය. එනම් සාමය, සංය­මය සහ රාජ්‍ය සහ­යෝ­ගී­තා­වය ආඩ­ම්බ­ර­යට, කෲර­ත්ව­යට, දේශ­පා­ල­න­යට පෙර පැමි­ණිය යුතුය. නමුත් මෙය අපට ලෝක බල­වත් රාජ්‍ය නාය­ක­යන්ට ගොස් කිව නොහැ­කිය. එම නිසා අපේක්ෂා සහ­ග­තව වෙන්නේ කුමක්ද කියා දැනු­ම්වත් භාව­ය­කින් බලා­සි­ටීම හැර වෙන නම් අප කුමක් කර­න්නද?.