අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ගංවතුර තත්වය හේතුවෙන් මරණයට පත්ව ඇති පිරිස මේ වනවිට 43 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 15 දෙනෙකු ළමයින් බවයි වාර්තා වන්නේ.
ටෙක්සාස් ප්‍රාන්තයේ “ග්වාඩලූප්” ගංගාවේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ගංගාව ආශ්රිත ප්‍රදේශයේ පැවති ගිම්හාන කඳවුරකට සහභාගි වී සිටි ගැහැනු ළමයින් 27 දෙනෙකු, ගංවතුරට හසුව අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් සෙවීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. සන්නිවේදන ජාලවලට සිදුව ඇති හානි හේතුවෙන් අතුරුදන් සමස්ත පිරිස පිළිබඳව නිශ්චිත තොරතුරක් ලබාගැනීමේ දුෂ්කරතාවක් මතුව තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ගංවතුරට හසු වූ 850 කට ආසන්න පිරිසක් මේ වනවිට බේරාගෙන ඇති බවයි. ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ වෙත අතිරේක ආධාර ලබා දීමට ද ධවල මන්දිරය පියවර ගෙන තිබෙනවා.
හෙලිකොප්ටර්, ඩ්‍රෝන යානා සහ බෝට්ටු යොදා ගනිමින් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ටෙක්සාස් ප්‍රාන්තයේ පහළොස් දහසකට අධික පිරිසට විදුලිය ඇණහිට ඇති අතර මහාමාර්ග රැසකට හානි සිදු වීමෙන්, ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබෙනවා. ටෙක්සාස් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
