චොක්ලට් පෙරේතයින්ගේ දවස අදයි

ලෝක චොක්ලට් දිනය අදට යෙදී තිබෙනවා.

චොක්ලට්වල ඉතිහාසය මධ්‍යම අමෙරිකාව ආශ්‍රිත මායාවරුන්ගේ සහ දකුණු දිග මෙක්සිකෝවේ වාසය කළ ඔල්මෙක්ස්වරු දක්වා දිවයන්නක්.

ඔවුන් එය හඳුන්වා ඇත්තේ තිත්ත රසැති පූජනීය පානයක් ලෙසයි.

චොක්ලට් එවක ධනවත් පන්තියට පමණක් සීමාවූ ආහාරයක් වූ බව සඳහන්.

ලෙඩ සුව කිරීමේ දිව්‍යමය බලයක් එයට ඇති බව ඔවුන් විශ්වාස කළා.

චොක්ලට් පළමුවරට ලොවට හඳුන්වා දුන් යුරෝපීය රට ලෙස ඉතිහාසයට එක්ව ඇත්තේ ස්පාඤ්ඤයයි.

ඊට අමතරට අද වන විට ඡර්මනිය, ස්විට්සර්ලන්තය, බෙල්ජියම, ඉතාලිය, පෝලන්තය වැනි රටවල් චොක්ලට් නිෂ්පාදනයේ ප්‍රමඛයන් ලෙස නම්දරා සිටිනවා.

චොක්ලට් නිපදවීමට අවශ්‍ය මූලිකම අමුද්‍රව්‍ය වන්නේ ‍හොඳින් වියළා පුළුස්සා ගන්නා ලද කොකෝවා ඇටයි.

ඝන කොකෝවා, කොකෝවා බටර් සහ සීනි එක්කිරීමෙන් ප්‍රනීත චොක්ලට් නිපදවනවා.

‍පැස්චරීකරනය කළ කිරි සහ කිරි පිටි එක්කිරීමෙන් සුදු පැහැති කිරි රසැති චොක්ලට් සකසා ගත හැකියි.

ඩාර්ක් චොක්ලට්,වයිට් චොක්ලට් ,මිල්ක් චොක්ලට්, පැණිරස නොමැති චොක්ලට් ආදී විවිධ වර්ග රැසක් චොක්ලට් මේ වන විට විවෘත වානිජ ලෝකයම ජයගෙන අවසන්.

ගෝලීය වශයෙන් චොක්ලට් වෙළඳපොළ නිරන්තරයෙන් සැළකිය යුතු ලෙස වර්ධනය වෙමින් පවතිනවා.

එය 2024 දී ඩොලර් බිලියන 130.72ක ඉලක්කයක් සපුරා ඇති අතර 2030 වන විට ඩොලර් බිලියන 172.89 දක්වා ඉහළ ඉළක්කයකට ළගාවනු ගනු ඇති බවටයි, පුරෝකතනය කර ඇත්තේ.

අද වන විට ලොව රටවල් අතර ලංකාවේද චොක්ලට් සඳහා ඇත්තේ ඉහළ ඉල්ලුමක්.

බාල,තරුණ, වැඩිහිටි වයස් භේදයකින් තොරව චෙක්ලට් ප්‍රනීත ආහාරයක් ලෙස විවිධ ආහාර අතර ඉදිරි පෙළ ස්ථානයක පසුවනවා.