මීටර දසදහස කාන්තා ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට රසාරා විජේසූරිය සමත් වුණා.
ඒ, ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළේදී.
මීටර දසදහස කාන්තා ධාවන ඉසව්ව සඳහා ක්‍රීඩිකාවන් 28 දෙනෙකු සහභාගි වුණා.
රසාරා විජේසූරිය තරගය අවසන් කළේ, මිනිත්තු 32 යි තත්පර 52.20 ක කාලයක් වාර්තා කරමින්.
එය, නව ශ්‍රී ලංකා වාර්තාවක් වන අතර, ඇය විසින් අළුත් කරනු ලැබුවේ මීට පෙර තමා විසින්ම පිහිටුවා තිබූ වාර්තාවයි.
රසාරා මීට පෙර ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබුණේ මිනිත්තු 33 තත්පර 21.62 ක කාලයක් වාර්තා කරමින්. ඇය ඊයේ තරගය අවසන් කළේ 8 වැන්නා ලෙසයි.
