ධුරයේ කටයුතු කිරීම අත්හිටවනු ලැබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවලට වරදකරු බව විෂමාචාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුව සිය වාර්තාවෙන් දැනුම් දී තිබෙනවා.
අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර, එමඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවයි කථානායකවරයා ප්‍රකාශ කළේ.
මේ අතර, අදාළ වාර්තාව මුද්‍රණය කිරීමටත්, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දැක්වීමටත් තීරණය වුණා.
දේශබන්දු තෙන්නකෝන් සිදුකර ඇති බව කියන විශමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් සකස් කිරීම සඳහා විශේෂ පරීක්ෂණ කමිටුවක් පත් කරනු ලැබුවා.
එම කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන කටයුතු කළා.
එහි සෙසු සාමාජිකයින් ලෙස විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක කටයුතු කරනු ලැබුවා.
මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදුකර ගත්තා.
