ලක්ෂ 6 අයිස් සමඟ කතක් සහ පිරිමියෙකු මාට්ටු

A woman in handcuffs.

තීරෝද රථයකින් රුපියල් ලක්ෂ 6 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි

එම සැකකරු සහ සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 21400 ක් හා ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 137000/= ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත

අත්අඩංගුවට පත් කාන්තාව පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ඥාති සොයුරියක් වන බව පොලිසිය කියයි

පොලිසියට ලද තොරතුරක් අනුව මාළිගාවත්ත ලක් හිරු සෙවණ මහල් නිවස ඉදිරිපිට දී තීරෝද රථය නවතා පරික්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත

සැකකරු සහ සැකකාරීගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී දෙමටගොඩ චමින්ද නැමැත්තාට අයත් මත්ද්‍රව්‍ය බොරැල්ල ප්‍රදේශයට ගොස් රැගෙන ආ බවට ප්‍රකාශ කර ඇත

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය බොරැල්ල බේස්ලයින් මාවත පදිංචි වයස අවුරුදු 35/48 අතර පසුවන්නන්ය