
මල්ලවපොර(රෙස්ලින්) වළල්ලේ පුරාවෘත්තයක් වන හල්ක් හෝගන් වයස අවුරුදු 71 දී මියගොස් ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ, හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගිය බවය.
ඒ අනුව බ්‍රහස්පතින්දා අලුයම හල්ක් හෝගන් ෆ්ලොරිඩාවේ ක්ලියර්වෝටර් හි නිවසේදී මරණයට පත්ව තිබේ.
උපතින් ටෙරී බොලියා වුවත්, රෙස්ලිං පිටියේ ජනප්‍රිය වූයේ හල්ක් හෝගන් නමින්ය.
1980 දශකයේ වෘත්තීය රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි හල්ක්, ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ ඔහු ලැබූ ජයග්‍රාහණ හේතුවෙනි.
ඒ හේතුවෙන් වෘත්තීය රෙස්ලිං ක්‍රීඩකයින්ට ගෞරව කිරීමක් ලෙස එක්කරන ‘WWE Hall of Fame’ නාමාවලියටද හෝගන්ගේ නාමය එක්විය.