නුවන් තුෂාර ඉහළට

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය නිකුත් කළ නව­තම අයි­සීසී විස්සයි20 පන්දු යව­න්නන් ශ්‍රේණි­ගත කිරීම් අනුව පිය­වර 3ක් ඉහ­ළට යෑමට ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර සමත් තිබේ.

ඒ අනුව තුෂාර 13 වැනි තැනට පත්ව ඇත්තේ සිය ශ්‍රේණි­ගත දිවියේ හොඳම ශ්‍රේණි­ගත ලකුණු ලෙස 638ක් ලබා ගනි­මිනි. මෙහි කැපී පෙනෙන වෙන­සක් සිදු කර­මින් බංග්ලා­දේ­ශයේ මුෂ්ට­ෆි­සූර් රහ්මාන් ස්ථාන 17ක් ඉදි­රි­යට යමින් 9 වැනි තැනට පත්ව ඇති අතර, මුල් පන්දු යව­න්නන් 8 දෙනා අතර වෙන­සක් සිදු නොවී­මෙන් වනිඳු හස­රංග 6 වැනි තැනම සිටී. කෙසේ වෙතත් 9 වැනි තැන සිටි මහීෂ් තීක්ෂණ ස්ථාන 2ක් පහ­තට වැටී ඇත. මතීෂ පති­රණ (30) එක් ස්ථාන­යක් ඉහළ ගොස් ඇති අතර, අසිත ප්‍රනාන්දු 48 වැනි තැනම සිටී.

විස්සයි20 පිති­ක­රු­වන් ශ්‍රේණි­ගත කිරීම් අනුව 9 වැනි ස්ථානයේ සිටි කුසල් ජනිත් පෙරේරා (11) ස්ථාන 2ක්,  15 වැනි ස්ථානයේ සිටි කුසල් මෙන්ඩිස් (14) එක් ස්ථාන­යක් පහ­තට වැටී තිබේ. නායක චරිත් අස­ලංක 40 වැනි තැනට පත්ව ඇත්තේ ස්ථාන 4ක් පසු බසි­මිනි. මෙහි මුල් පිති­ක­රු­වන් 8 දෙනාගේ වෙන­සක් සිදුව නැති අතර, 7 වැනි තැන සිටි පැතුම් නිශ්ශංක එම ස්ථාන­යේම සිටී.

තුන් ඉරි­යව් ක්‍රීඩ­ක­යන් අතරේ දසුන් ශානක (20) එක් ස්ථාන­යක් ඉහ­ළට ගොස් ඇති අතර, වනිඳු හස­රංග (8) එක් ස්ථාන­යක් පහ­තට වැටී තිබේ.