යුක්‍රේනය සහ අමෙරිකාව අතර ඛනිජ ලවණ පිළිබඳ ආර්ථික ගිවිසුමක්

යුක්‍රේනය සහ අමෙරිකා එක්සත් ජනපදය දුර්ලභ ඛනිජ ලවණ පිළිබඳව ආර්ථික ගිවිසුමකට අත්සන් තබා ඇති බව ධවල මන්දිරය නිවේදනය කරනවා.

සති කිහිපයක සාකච්ඡාවලින් අනතුරුව, යුක්‍රේනය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර නව ආර්ථික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

මෙම ගිවිසුමෙන් යුක්‍රේනයේ ඇති වටිනා ඛනිජ සම්පත් එක්සත් ජනපදයේ වෙළඳාම සදහා ප්‍රවේශය ලබා දෙනවා.

රුසියානු -යුක්‍රේන යුද්ධය හේතුවෙන් යුක්‍රේනයේ බිඳවැටුණු ආර්ථිකය යලි ප්‍රකෘති භාවයට පත් කිරීමද මෙහි අරමුණක් බවයි දෙරටේ බලධාරීන් අවධාරණය කරන්නේ.

ගිවිසුමේ කොටසක් ලෙස, ගෝලීය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට සහ යුක්‍රේනය නැවත ගොඩනැගීමට උපකාර කිරීම සඳහා රටවල් දෙකම ඒකාබද්ධ ආයෝජන අරමුදලක් නිර්මාණය කරනු ඇත.

මෙම අරමුදලෙන් සමාන ආර්ථික සහයෝගීතාවයකට ඉඩ සලසන අතර යුක්‍රේනයේ ආරක්ෂාවට ගුවන් ආරක්ෂක පද්ධති තවදුරටත් එක්සත් ජනපද ලබාදෙනු ඇති බවයි යුක්‍රේනයේ නියෝජ්‍ය අගමැතිනි යුලියා ස්වයිඩෙන්කෝ පවසන්නේ.