ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ වැඩ පෙන්වූ ශූරයින්

ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සම්මාන හිමි කර ගත්තා.

දක්ෂතම ක්‍රීඩිකාව, මීටර 400 ධාවන ඉසව්ව ජය ගත් නදීෂා රාමනායක.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනය සංවිධාන කළ ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය, දින දෙකක් පැවැත්වුණේ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී.

මෙහිදී, මීටර 100 පිරිමි ධාවන ඉසව්ව ජය ගනිමින් චමෝද් යෝධසිංහ වේගවත්ම ක්‍රීඩකයා බවට පත් වුණා. වේගවත්ම ක්‍රීඩිකාව අමාෂා ද සිල්වා.

මීටර 400 පිරිමි ධාවන ඉසව්ව අරුණ දර්ශන ජය ගත්තා.

මීටර 800 ධාවන ඉසව්වේ ජය හිමි වුණේ, තරුණි කරුණානායකගේ සොයුරු හර්ෂ කරුණාරත්නටයි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කර ගත් රුමේෂ් තරංග, හෙල්ල විසි කිරීමේ පිරිමි ඉසව්ව ජය ගත්තේ, මීටර 82 යි දශම 3 යි 6 ක දක්ෂතාවක් දක්වමින්.

දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමි කර ගත්, නදීෂා රාමනායක මීටර 400 ධාවන ඉසව්ව ජය ගත්තා.

ඇය දැක්වූ දක්ෂතාව තප්පර 52 යි දශම 8 යි 6 ක්. මේ අතර, තරගාවලියේ අති දක්ෂ ක්‍රීඩකයා ලෙස සම්මාන හිමි කර ගත්තේ ද රුමේෂ් තරංගයි.