අවසන් වටයට ආ රග්බි ශූරයෝ

ආසියානු යොවුන් සත් සාමාජික පිරිමි රග්බි තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ, ප්‍රතිවාදී චීන කණ්ඩායම පරාජය කරමින්.

ඉන්දියාවේ පැවැත්වෙන තරගාවලියේ, ඊයේ දිනයේදී, ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ තරගවලින් හොංකොං, එක්සත් අරාබි එමීර් සහ ඉන්දීය කණ්ඩායම් පරාජය කිරීමට සමත් වුණා.

ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම, අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයේ තරගයට පිවිසියේ බී කාණ්ඩ‍යෙන් දෙවැනි ස්ථානය හිමි කර ගත් චීන කණ්ඩායම සමගයි.

එහිදී, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 26 ට 17 ක් ලෙස තරගය ජය ගනිමින්, අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.