5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, අද දිවයින පුරා මධ්‍යස්ථාන 2,788 කදී සාර්ථකව පැවැත්වුණා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, ප්‍රතිඵල
ලබන මස 20 වැනිදාට පෙර ලබාදීමට කටයුතු කරන බවයි.
පෙරවරු 9.30 ට ආරම්භ කෙරුණු විභාගය, පස්වරු 12.15 ට අවසන් වුණා.
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට තුන්ලක්ෂ හත්දහස් නවසිය පනස් නව දෙනෙකු පෙනී සිටියා.
සිංහල මාධ්‍ය අයදුම්කරුවන් සංඛ්‍යාව දෙලක්ෂ තිස් එක්දහස් හයසිය තිස් අටදෙනෙක්.
දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් 76,313 දෙනෙකු ද ඊට ඇතුළත් වනවා.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 991 දෙනෙකු අද විභාගයට ඉදිරිපත් වුණා. අපේක්ෂකයින් 12 දෙනෙකු බ්‍රේල් මාධ්‍යයෙනුයි, විභාගයට පෙනී සිටියේ.
