ජන­පති සැප්තැ­ම්බ­රයේ අමෙ­රිකාවට සහ ජපානයට

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එළැ­ඹෙන සැප්තැ­ම්බර් මාසයේ දී අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ සහ ජපා­නයේ සංචාර දෙක­කට සහ­භාගි වීමට නිය­මි­තය. එක්සත් ජාතීන්ගේ 80 වැනි රාජ්‍ය නායක සමු­ළු­වට සහ­භාගි වීම සඳහා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එළ­ඹෙන සැප්තැ­ම්බර් මස 23 වැනිදා අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව යාමට නිය­මි­තව තිබේ.

අන­තු­රුව 24 දා රාජ්‍ය නායක සමු­ළුව අම­තන ජනා­ධි­ප­ති­ව­රයා ශ්‍රී ලංකාව අද වන­විට ලබා තිබෙන ප්‍රග­තිය මෙන්ම ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රති­ප­ත්තිය සහ තම රජයේ වැඩ­පි­ළි­වෙළ ආදිය පිළි­බඳ කරුණු දැක්වී­මට නිය­මිත බව විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමු­ළු­වට සහ­භාගි වන ජනා­ධි­ප­ති­ව­රයා ඊට සම­ගා­මීව විදෙස් රට­වල රාජ්‍ය නාය­ක­යන් කිහි­ප­දෙ­නකු හමු­වී­මට නිය­මි­තව තිබෙන අතර ඊට අම­ත­රව තවත් සැසි කිහි­ප­ය­කට ද සහ­භාගි වීමට නිය­මි­තව ඇත.

විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් සහ එක්සත් ජන­ප­දයේ ශ්‍රී ලංකා තානා­පති මහින්ද සම­ර­සිංහ මහතා ඇතුළු පිරි­සක් ජනා­ධි­ප­ති­ව­රයා සමඟ මෙම සමු­ළු­වට එක්වී­මට නිය­මි­තව තිබේ.

එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමු­ළු­වට සහ­භා­ගි­ වී­මෙන් අන­තු­රුව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එක්ස්පෝ 2025 ප්‍රද­ර්ශ­න­යට සහ­භාගි වීම සඳහා සැප්තැ­ම්බර් 27 වැනිදා ජපා­නයේ ඔසාකා වෙත යාමට නිය­මි­තව තිබෙන අතර, සංස්කෘ­තිය, සංචා­රක ව්‍යාපා­රය, වෙ‍ෙළ­ඳාම සහ ආයෝ­ජන ක්ෂේත්‍රයේ අද්වි­තීය අවස්ථා ප්‍රද­ර්ශ­නය කෙරෙන එක්ස්පෝහි ශ්‍රී ලංකා දින­යට සහ­භාගි වීමට නිය­මි­තය. එයින් අන­තු­රුව සැප්තැ­ම්බර් 28 වැනි දින ජපාන අග­මැති ෂිගේරු ඉෂිබා මහ­තාගේ ආරා­ධ­න­යෙන් ජපා­නයේ රාජ්‍ය සංචා­රය ආරම්භ වන අතර, ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සැප්තැ­ම්බර් 29 වැනි දින ජපාන අග­මැ­ති­ව­රයා සමඟ සාකච්ඡා කිරී­මට ද නිය­මි­තව ඇත. අන­තු­රුව 30 වැනි දින ජපාන අධි­රා­ජ්‍යයා වන නරු­හිතෝ මහතා හමු­වනු ඇත.

ටෝකියෝ නුව­රදී පැවැ­ත්වෙන සාක­ච්ඡා­ව­ලදී ජපා­නයේ ශ්‍රී ලාංකි­ක­යන්ට වැඩි රැකියා අවස්ථා ලබා­ගැ­නීම සහ ආර්ථික සබ­ඳතා වැඩි­දි­යුණු කිරීම කෙරෙහි අව­ධා­නය යොමු කෙරෙන අතර ශ්‍රී ලංකාවේ වාහන එක­ලස් කිරීමේ කම්හ­ලක් පිහි­ටු­වී­මට රජය ජපා­න­යට යෝජනා කරන බව ද විදේශ කට­යුතු අමා­ත්‍ය­ව­රයා පව­සයි.

ජපා­නයේ රැඳී සිටින කාල­යේදී ජනා­ධි­ප­ති­ව­රයා එරට සිටින ශ්‍රී ලාංකේය ප්‍රජාවේ සාමා­ජි­ක­යන් ද හමු­වී­මට නිය­මි­තව තිබේ.