
යෝජිත නව කම්කරු පනත සකස් කිරීම සඳහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වැනි පාර්ශව වලින් පවා අදහස් සහ යෝජනා ලබා ගන්නා බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පුළුල් සමාජ කථිකාවකින් අනතුරුව මෙම නව පනහ නිර්මාණය කරන බවයි.
අද (14) ජාතික කම්කරු උපදේශක සභාව කැඳවූ අවස්ථාවේ වෘත්තීය සමිති නියෝජිතයන් සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් හමුවේ මහින්ද ජයසිංහ මහතා මේ බව අනාවරණ කළේය.
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව ජාතික කම්කරු උපදේශක සභාව කැඳවූ පස්වැනි අවස්ථාව මෙයයි.
එම රැස්වීම කම්කරු අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු මහලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී කම්කරු අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාද අදහස් පළ කළේය.
පුළුල් පදනමක පිහිටා නව කම්කරු පනතක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව වන බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
එම වැඩපිළිවෙළ විනිවිද භාවයෙන් සිදු කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම සාකච්ඡාවේදී වතු කම්කරුවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.
එම ගැටළු වැවිලි කටයුතු අමාත්‍යංශය සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමටද දින නියම කෙරිs.
ඊට අමතරව පෞද්ගලික අංශයේ අවම ජාතික වේතනය. සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රමික කාන්තාවන්ගේ රාත්‍රී සේවා මුර ආදී කරුණු පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විණ.
අද පැවති රැස්වීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින්, ලංකා හා පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන්, කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදිකා වටලියද්ද ඇතුලු මහත්ම මහත්මින් පිරිසක් එක්ව සිටියහ.