පළාත් කිහිපයකට මද වැසි

උතුරු, උතුරු – මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ප.ව. 02.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මි. 50ක පමණ තරමද තද වැසිද ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික කද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයේ සඳහන්වනවා.