රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වර්ජනය අත් හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00ට ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙනවා. ඒ, ඊයේ රාත්‍රී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග පැවති සාකච්ඡාවකදී ගත් තීරණයකට අනුවයි.

අද ආරම්භ කිරීමට නියමිතව තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට හේතුවී ඇත්තේ, ස්ථානමාරු ක්‍රියාවලියේ ඇතිවූ ගැටලුවක්. ඊට ඉදිරියේදී විසඳුම් ලබාදීමට අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේදී තීරණය කෙරුණා. ඒ අනුවයි, මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවා තිබෙන්නේ.