කජිකී සුළි කුණාටුවෙන් වියට්නාමයට දැඩි බලපෑම් එල්ල විය හැකි බව, එරට කාලගුණ විද්‍යා අංශ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, පන්ලක්ෂ 86,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාවලට යොමු කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.
සුළි කුණාටුව, පැයට කිලෝමීටර 166ක වේගයෙන් හමා යන අතර, අද දිනයේ ගොඩබිමට ළඟාවීමට හැකිවේයැයි එරට කාලගුණ විද්‍යා අංශ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
තන්හෝවා, ක්වාං ට්‍රයි, හියු සහ ඩා නන්ග් යන පළාත්වලින් ජනතාව තම නිවෙස්වලින් ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා.
ගුවන් ගමන් අවලංගු කර ඇති අතර, මුහුදු තීරය භාවිතා කිරීමේ අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබෙනවා. කුණාටුව චීනයේ හයිනාන් ප්‍රදේශය පසු කර යමින් පවතින අතර, කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ, මිලිමීටර 320 ඉක්ම වූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි.
වෙරළබඩ කලාපයේ සුළං ප්‍රවාහය පැයට කිලෝමීටර 200 ඉක්මවා යා හැකි බවට කාලගුණ අංශ අනුමාන කෙරෙනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ බලපෑ යාගී සුළි කුණාටුවෙන් වියට්නාමය, මියන්මාරය, තායිලන්තය, පිලිපීනය සහ ලාඕසය යන රටවලට අයත් 600 දෙනෙකු පමණ මිය ගිය අතර ඉන් 300 කට වැඩි පිරිසක් වියට්නාම ජාතිකයින් බවයි, වාර්තා වන්නේ.
