ගාසා තීරයේ, ඛාන් යුනිස් නගරයේ පිහිටි නසර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් හතර දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, ප්‍රහාරයෙන් මරණයට පත්ව ඇති මාධ්‍යවේදීන් වන්නේ රොයිටර් පුවත් සේවයේ ඡායාරූප මාධ්‍යවේදී හොසාම් අල්-මස්රි, අල් ජසීරා පුවත් සේවයේ ඡායාරූප මාධ්‍යවේදී මොහොමඩ් සලාමා, NBC මාධ්‍යවේදී මෝස් අබු ටහා සහ තවත් අරාබි පුවත් ජලයට අයත් මාධ්‍යවේදියෙක්.
ඊශ්‍රායල හමුදාව මුලින්ම නසාර් රෝහලේ වහලය වෙත ඩ්‍රෝන යානයකින් පහර දුන් බවත්, එම අවස්ථාවේ එක් මාධ්‍යවේදියෙකු මිය ගිය බවත් අල් ජසිරා මාධ්‍ය පවසනවා.
සිවිල් ආරක්ෂක කණ්ඩායම් සහ අනෙකුත් වාර්තාකරුවන් තුවාල ලැබූ පිරිස් බේරා ගැනීමට ගිය අවස්ථාවේ එම ස්ථානයට නැවතත් ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය අනෙකුත් පිරිස ගලවා ගැනීමේ කණ්ඩායම්වල සාමාජිකයින්.
2023 ඔක්තෝම්බර් මස යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා මාධ්‍යවේදීන් 240කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ගාසා නිලධාරීන් පවසනවා.
