විශ්ව විද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කරයි

2024-2025 අධ්‍යයන වර්ෂයට අදාළ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා. ඒ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින්.

විවිධ විශ්වවිද්‍යාලවල අධ්‍යයන පාඨමාලාවට එක් එක් දිස්ත්‍රික්කයෙන් ඇතුළත්වීමට අවශ්‍ය අවම ඉසෙඩ් අගය ද නිකුත් කෙරුණා.

සිසුන්ට තමන් තේරී ඇති පාඨමාලාව සහ විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk මගින් දැනගත හැකියි.

එමෙන්ම, 0112695301 / 0112695302 / 0112692357 / 0112675854 යන දුරකථන අංක මගින් ද ඒ පිළිබඳව විමසිය හැකිවනවා.

සියලුම සිසුන්ට එස්.එම්.එස්. පණිවුඩයක් මගින් ඔවුන් විශ්වවිද්‍යාලයට තේරීපත්වී ඇති බව හෝ නැති බව දැනුම්දෙන බවයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසන්නේ.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කර නිවේදනය පහතින්,