ගාසා රෝහලකට එල්ල වූ ප්‍රහාරය ගැන එ.ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්

ගාසා නගරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

ප්‍රහාරයෙන් මාධ්‍යවේදීන් 5 දෙනෙකු ඇතුළු 20 දෙනෙකුට වැඩි පිරිසක් මියගියා.

ඊශ්‍රායල හමුදාව කියා සිටින්නේ, මෙම ප්‍රහාරය එල්ල කළේ, හමාස් සංවිධානයේ කැමරා සවිකර තිබූ ස්ථානයකට බවයි.

නමුත්, මෙම ද්විත්ව ප්‍රහාරයෙන් අල්ජසීරා, රොයිටර් ඇතුළු තවත් ජාත්‍යන්තර මාධ්‍ය නාලිකා කිහිපයකට සේවා සපයන මාධ්‍යවේදීන් ඇතුළු 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.

ඊට අමතරව, මෙම ප්‍රහාරයෙන් සෞඛ්‍ය සේවකයින් සිව් දෙනෙකුද මියගිය අය අතර වනවා. ප්‍රහාරය රටවල් රැසක් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.