මැයි 06 උල්කාපාත වැස්සක්

ඊටා ඇක්වාරිඩ්ස් උල්කාපාත වර්ෂාව මැයි (06) වන දින එහි උච්චතම අවස්ථාවට ළඟා වනු ඇත.

මෙම උල්කාපාත 1P/හැලි වල්ගා තරුවේ (හැලිගේ වල්ගා තරුව) සුන්බුන් මාර්ගයෙන් ආරම්භ වනවා.

පෘථිවිය මෙම මාර්ගය හරහා ගමන් කරන විට, වල්ගා තරුවේ අංශු වායුගෝලය සමඟ ගැටී, දර්ශනීය ඊටා ඇක්වාරිඩ්ස් නිර්මාණය වනව‍ා.

මැයි (06) වන දින අලුයම 3:00 න් පසු මෙය දිස්වෙනු ඇත.