උතුරු පොල් ත්‍රිකෝණය ජනගත කිරීම අද

ලෝක පොල් දිනයට සමගාමීව “උතුරු පොල් ත්‍රිකෝණය” ජනගත කිරීමේ ජාතික වැඩසටහන, මුලතිව්, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේදී හෙට පැවැත්වෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

උතුරේත් දකුණේත් හදවත් එකිනෙකට යා කරන නවතම ව්‍යාපෘතිය ලෙස, ‍උතුරු ‍පොල් ත්‍රිකෝණය හැඳින්විය හැකියි. පේදුරුතුඩුව, සිලාවතුර, කෝකිලායි යන නගර තුන යා කරමින් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වව්නියාව යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි‍.

මේ යටතේ මෙම වසර තුළ අක්කර 16,000 ක් පුරා පොල් පැළ 1024,000 ක් වගා කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඊට රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 500 ක්. ‍

පොල් පැළ වගා කළ මොහොතේ සිට ඵලදාව නෙළන තුරුද ඉන් පසුවද රජය මැදිහත් වීමෙන් ඊට අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබාදීම ද සිදුකෙරෙනවා.

ඒ අනුව 2025, 26 සහ 27 වර්ෂ තුන ඇතුළත උතුරේ ඉඩම් අක්කර 50,000 ක පොල් පැළ 2560,000 ක් වගා කිරීමට නියමිතයි.

නොමිලේ පොල් පැළ ලබාදීම වෙනුවෙන් රජය වෙන්කර ඇති මුදල රුපියල් ලක්‍ෂ 819 ක්. ව්‍යාපෘතිය, ක්‍රමවත් වගාව සහ ගෙවතු වගාව ලෙස කොටස් දෙකකින් ක්‍රියාත්මකයි‍.