ට්‍රම්ප්ගේ ආධාරකරු චාර්ලි වෙඩි ප්‍රහාරයකින් මරුට

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙක් මෙන්ම ප්‍රබල ආධාරකරුවෙකු වු චාර්ලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ අමෙරිකාවේ යුටා හි විශ්වවිද්‍යාලයක පැවති දේශනයක් අතරතුරදි.

විශ්වවිද්‍යාල සිසුන් 3000 ක් පමණ මෙම දේශනයට සහභාගි වී සිටි අතර, එය එළිමහන් ස්ථානයක පැවති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

දේශනය පවත්වමින් සිටින අතරතුර චාර්ලි කර්ක්ට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

එම දර්ශනවලින් හෙළි වී ඇත්තේ කලු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු විශ්වවිද්‍යාලයේ වහලයක් මත සිට වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් FBI ආයතනය විශේෂ විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් ටෲත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ ඔහුගේ වියෝව ඉතා කණගාටුදායක බවත්, ධවල මන්දිරයේ ධජය අඩකුඹු කරන ලෙසත් නියෝග කළා.

මියයන විට 31 වැනි වියේ පසුවු චාර්ලි කර්ක් විසින් ලිබරල් අදහස් දරන ශිෂ්‍යයින්ගේ සංවිධානයක් ලෙස සලකන ටර්න් ඉන්ග් පොයින්ට් ශිෂ්‍ය සංගමය 2012 වසරේදි ආරම්භ කළා.

ඒ වනවිට ඔහු 18 වැනි වියේ පසුවූවා. අමෙරිකාව තුළ සහ ලොව පුරා විශේෂ වැඩසටහන් පවත්වමින් ශිෂ්‍යයින්ට දේශන පැවැත් වූ චාර්ලි කර්ක්, මිය යන විට කුඩා දරු දෙදෙනෙකුගේ පියෙකු වන අතර, අසමාජ මාධ්‍ය තුළ ඉතා ජනප්‍රිය පුද්ගලයෙකු වනවා. තරුණ ඡන්ද දායකයින් විශාල බලපෑමක් කළ හැකි පුද්ගලයක් ලෙසයි චර්ලි කර්ක් ප්‍රචලිතවී සිටියේ.