වාහන 30ක් විනාශ කළ පිපිරීම

මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක ගමන් ගත් ගෑස් ටැංකි පිරවූ ට්‍රක් රථයක් පුපුරා යාමෙන් මහත් ව්‍යසනයක් හටගත්තා.

වාහන 30 ක් පමණ ගින්නෙන් දැවී විනාශ වී බවයි වාර්තා වන්නේ.

සිදු වී ඇති මරණ සංඛ්‍යාව 3 ක් ලෙස සටහන් වන අතර එය ඉහළ යා හැකි බවයි සහන සේවකයන් ප්‍රකාශ කරන්නේ.

70කට අධික පිරිසක් තුවාල ලැබුවා. අනතුර සිදු වුණේ ජනාකීර්ණ ප්‍රදේශයකයි.

පුපුරා ගිය ට්‍රක් රථයෙහි ගෑස් ලීටර පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් ගබඩා කොට තිබූ බවයි බලධාරීන් ප්‍රකාශ කරන්නේ.

ගින්නෙන්, තුවාල ලැබූවන් අතර 19 දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අනතුර පිළිබඳ පරීක්‍ෂණයක් පැවැත්වීමට “මෙක්සිකෝ සිටි” නගරාධිපතිවරයා නියෝග කොට තිබෙනවා.