
ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු දෙකක ජයක් වාර්තා කළා. තරගය පැවැත්වුණේ, කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
කාසියේ වාසිය හිමි කර ගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 179 ක් රැස් කළා. නායක ආජින්කෙයාර් රහනේ ලකුණු 48 යි. ඇන්ඩ්‍රෙ රසල් ලකුණු 38 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී නූර් අහමඩ් කඩුලු 4 ක් බිඳ හෙලුවා. ලකුණු 180 ක ඉලක්කයක් හඹා ගිය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම, පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 183 ක් රැස් කරමින් තරගය ජය ගත්තා. ඩිවෝල්ඩ් බ්‍රෙවිස් ලකුණු 52 ක් සහ ශිවම් ඩුබේ ලකුණු 45 ක් රැස් කළා. පන්දු යැවීමේදී වෛභව් අරෝරා කඩුලු 3 ක් දවා ගත්තා.