
ලෝක කුසලාන කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු තරගයෙන් ලකුණු 59 ක ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ ගුහාටි හිදී.
තරගාවලියේ පළමු තරගයේ ආරම්භයට පෙර දෙරටේ ජාතික ගීය සජීව ලෙස ගායනය කරනු ලැබුවා. ඉන්දීය ජාතික ගීය ගායනා කරනු ලැබුවේ ශ්‍රේයා ඝෝෂා විසින්. ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව නවක ගායිකාවක් වන නුවන්ධිකා සේනාරත්නට හිමි වුණා.
වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 47 කට සීමා කෙරුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 47 තුළදී කඩුලු 8 ක් දැවී ලකුණු 269 ක් රැස් කළා. ආමන් ජෝත් කෝර් ලකුණු 57 ක් රැස් කළ අතර, දීප්ති ෂර්මා ලකුණු 53 යි. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 4 ක් බිඳහෙලුවා. ඇය තරගයේ 26 වැනි පන්දුවාරයේදී ඉන්දීය කඩුලු 3 ක් දවා ගැනීමද විශේෂත්වයක්. පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 45 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩිකාවන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 211 ක් පමණයි. චමරි අතපත්තු ලකුණු 43 ක් සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 35 ක් රැස් කළා. ලෝක කුසලාන කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම් අතර තරගය අද පැවැත්වීමට නියමිතයි.