57 වසරකට පසු ලංකාවට බොක්සිං තරු පායයි

ආසියානු වයස අවුරුදු 22 න් පහළ යොවුන් බොක්සිං තරගාවලිය, හෙට කොළඹදී ආරම්භ කෙරෙනවා. ඒ, රටවල් 25 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්.

ආසියානු මට්ටමේ බොක්සිං තරගාවලියක් මෙරට දී පැවැත්වෙන්නේ වසර 57 කට පසුවයි. මෙවර තරගාවලිය හෙට සිට, ලබන 23 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඊ‍ට සහභාගිවන කණ්ඩායම් රැසක් මේ වනවිටත් දිවයිනට පැමිණ සිටිනවා. බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව, වියට්නාමය සහ නේපාලය යන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ පැමිණියා.

හෙට ආරම්භ වන තරගාවලිය, රූපවාහිනී “අයි” නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කිරීමට නියමිතයි.